මතුගම ස්වාමීන්වහන්සේලා සිව් නමකටත් කොවිඩ්

Report
13Shares

මතුගම ඕවිටිගම හා බදුගම නව ජනපදය යන ප්‍රදේශවල පදිංචි පුද්ගයන් 17 දෙනකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු විය.

ඒ අතරට විහාරාධිපති හිමිනමක් සහ සාමනේර හිමිවරු 4 ක් ද ඇතුළත්ය.

එමෙන්ම කාන්තාවන් 11 දෙනකුද ඒ අතර වන බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

ඔවුන් පිරිස පසුගිය 7 වනදා අනුරාධපුරයේ වන්දනා ගමනක් ගොස් තිබේ.

ඒ පසුගියදා වෛරසය ආසාදනය වූ මතුගම බස් හිමිකරුට අයත් බස් රථයෙනි.

මේවන විට වෛරසය ආසාදනය වී සිටින රියදුරු හා කොන්දොස්තරවරයා ද එම පිරිස සමඟ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වූ අදාළ 17 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයන් 150 කට ආසන්න පිරිසක් සිටින අතර ඔවුන් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් 03 ක් යොදවා තිබේ.‍අදාළ බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා සමග සබඳතා පැවැත් වූ තවත් බස් කොන්දොස්තරවරයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදනය වී තිබේ.

ඔහු අගලවත්ත, වලව්වත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම මතුගම කොළඹ බස් රථයක තවත් රියදුරෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව අද පස්වරුවේ තහවුරු විය.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු පළමුව වෛරසය ආසාදනය වූ බස් රථයේ හිමිකරු සමග ප්‍රිය සාදයකට සහභාගී වී ඇති බවය.