උණුසුම් වන මතුගම...තවත් ආසාදිතයන් 17...

Report
9Shares

මතුගම ප්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණයට ලක්කල 17 දෙනෙකු අද (18) දින කොවිඩ් අසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව මතුගම පරිපාලන මහජන සෙෘඛ්‍ය පරීක්ෂක ජී.ඩී ලයනල් මහතා පැවසීය .

පසුගියදා පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වුණු අයගේ වාර්තා කොලඔ අපේක්ෂා රොහල වෙත යැවීමෙන් අනතුරුව මෙම කෝවිඩ් ආසාදිතයින් හදුනාගෙන ඇති බව සඳහන්.

ඔවුන්ගේ ආශ්‍රිතයින් හදුනාගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කන්ඩායම් හතරක් යොදවා ඇත .