කොවිඩ් ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගේ ස්ථාවරය - තවම සමාජගතවීමක් දැනුම් දී නැහැ (වීඩියෝ)

Report
11Shares

කොවිඩ් -19 වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වී නොමැති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳ ඉදිරිපත්කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරමින් කියාසිටියේ කොරෝනා වෛරසය පොකුරු ව්‍යාප්තියේ සිට සමාජ ව්‍යාප්තියක් දක්වා සීඝ්‍රලෙස පැතිරෙමින් ඇති බවය.

කෙසේවෙතත් ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා දක්ෂ ලෙස එම කටයුතු සිදු කරමින් ඇති බවය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ "විපක්ෂනායකතුමා යාල හෝටලයකට ගිහින් දෙවන පෙළ ආශ්‍රිතයෙක් වී ඇතිබව පැය කිහිපයක් ඇතුළත අපි හඳුනගත්තා. අපේ දක්ෂතාවය නිසා තමයි පැය කිහිපයක් ඇතුළත හඳුනගන්න පුළුවන් වුණේ. ඒ වෙලාවෙම අපි එතුමට දැනුම්දුන්නා කොහොමද කටයුතු කළ යුත්තේ කියලා. ඒ නිසා රටට මීටත්වඩා සහතිකයක් අවශ්‍ය නෑ." යනුවෙනි.