අනු පොකුරු නිසා අවදානම්.... වෛරසය සීග්‍ර ව්‍යාප්තියක්

Report
75Shares

කොරෝනා ආසාදිතයන් හමු වූ විගස එම ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ෂෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියා.

ආසාදිතයන් හමු වූ විගස එම ප්‍රදේශ හුදකලා කිරීමට පියවර නොගන්නේ නම් එම ප්‍රදේශවල වෛරසය ඉතාමත් වේගයෙන් පැතිරයාමේ ප්‍රවණතාවක් පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේවන විට දිස්ත්‍රික්ක 13 කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති බවත් තවත් දිස්ත්‍රික්ක 5ක අනු පොකුරු බිහි වී ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නා.

එම නිසා අනු පොකුරු ව්‍යාප්තිය වහාම අවම කිරීමට පියවර ගත යුතු බව අවධාරණය කළ ඒ මහතා එසේ නොකරන්නේ නම් මුළු රටම නැවත වසා දැමීමට සිදු වන බවයි තවදුරටත් කියා සිටියේ.