රිජ්වේ ආර්යා රෝහලේ ළමුන් 07කට කොරෝනා..මව්වරුන්ටත් වෛරසය පැතිර යයි.

Report
25Shares

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙක් කොවිඩ් - 19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා.

ළමුන් සමග සිටින මව්වරු තිදෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 2ක දැරියකට සහ ඇයගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඔක්තෝබර් 20 වන දින හඳුනාගැනුණා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ පියා ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවා.