ගබඩා වල ඇති මාලු විකුණගන්න කටයුතු සලසන්න – ධීවරයන් රජයෙන් ඉල්ලයි

Report
13Shares

මෙරට ධීවර කර්මාන්තය ආශ්‍රිතව කොරෝනා වසංගතය පැතිරීමත් සමග ධීවර ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා.

මේ වනවිටත් බෝට්ටු සහ ශීතාගාර වල ගබඩා කර ඇති මත්ස්‍ය අස්වැන්න විකුණා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

මේ ධීවර ජනතාව පත්ව ඇති තත්වය පිළිබද නිවුස් රේඩියෝවට කරුණු පැහැදිලි කරන සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා.