අහඹු පරීක්‍ෂාවකින් එක් නගරයකින් කොරෝනා ආසාදිතයන් 937ක් හමු වීමේ ඇත්ත කතාව (UPDATE)

Report
336Shares

කොළඹ නගරයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 937 දෙනෙකු වාර්තා වූ බවට ප්‍රචාරණය වන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කර සිටිනවා.

සමාජ මාධ්‍ය හරහා පැතිරී යන මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය හරහා මීට දින 09 කට පෙර ආසාදිතයින් 337 දෙනෙක් වාර්තා වූ බවයි.

ඒ අනුව මෙම ආසාදිතයි ගේ පළමු ආශ්‍රීතයින් සොයා යමින් දිනපතා PCR පරීක්ෂණ 300 බැගින් සිදුකළ බවත් එහිදී තවත් ආසාදිතයින් 602 දෙනෙක් සොයා ගැනීමට හැකිවූ බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයින් 937 දෙනෙක් සොයා ගත් බවත් මෙලෙස වාර්තා වුයේ අහඹු පරීක්ෂණ මගින් නොවන බවයි ඔහු සඳහන් කළේ.

වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සොයා යමින් තවදුරටත් PCR පරීක්ෂණ සිදුකිරිමට කටයුතු කරන බවයි කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කළේ.

-


කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇති බව වෙබ් අඩවියක සඳහන් විය.

එහි සඳහන්ව තිබුණේ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කරන්නේ මෙම ආසාදිතයන් ප්‍රමාණය සොයා ගත්තේ පුද්ගලයන් 5367 දෙනෙකුට පරීක්ෂණ සිදු කිරීමෙන් බව ප්‍රකාශ කළ බවයි.

මෙය කොළඹ නගරයෙන් හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද ඔහු සඳහන් සඳහන් කළ බව එම වෙබ් අඩවිය සඳහන් විය.