තවත් ප්‍රදේශයකින් කොවිඩ් ආසාදිතයින් 5ක්

Report
97Shares

හපුතලේ ප්‍රදේශයෙන් මේ වන විට නව කොරෝනා වෛරස ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

අද (27) දිනයේ දී හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් සියලුම දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැළේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේය.