අදත් විවිධ ප්‍රදේශ වලින් කොවිඩ් ආසාදිතයින් 175 ක්

Report
14Shares

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 175ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,946ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ දී ආසාදිතයින් 479ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,069ක් විය.

ඒ අනුව රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 5,794ක් දක්වා වැඩිවී තිබේ.