ජපානයට ගොස් කෝටිපතියාගේ දියණිය යාළුකරන් පැන ආ තරුණයා අල්ලන්න ජපන් මව ලංකාවට ඇවිත්

Report
12Shares

අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් එරට කෝටිපතියකුගේ 15 හැවිරිදී එකම දියණිය අපහරණය කර ශ්‍රී ලංකාවට පැමිණ මාස ගණනක් සැඟව සිටි 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව කොච්චිකඩේ පොලිසිය කියයි. මෙම සිද්ධිය පිළිබඳව ජපන් ජාතික තරුණියගේ මව වන 'ඔට්නි සොරා' මහත්මිය ජපානයේ සිට පැමිණ 2020 මාර්තු මස 15 වෙනි දින කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.මෙම පැමිණිල්ල පිළිබඳව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශ්‍රීනිත ජයකොඩි මහතා විසින් සිදුකරන ලද මූලික විමර්ශනයේදී සහ පැමිණිලෙන් හෙළිදරව් වූ කරුණු අනුව මෙම සැකකාර 24 හැවිරිදි තරුණයා කොච්චිකඩේ, දළුවකොටුව පදිංචි තරුණයකු බව සොයාගෙන ඇත. ඔහු අධ්‍යාපනය හැදෑරිම සදහා වසර 4 කට පෙර ජපානයට ගොස් ඇත. එහිදී අධ්‍යාපනය ලබමින් වියදමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා අධ්‍යාපනය ලබන අතරේ ජපානයේ කෝටිපතියකුගේ නිවසේ තාවකාලිකව රැකියාවක නිරත වී ඇත.