සිනමා හා ටෙලි නාට්‍ය නිළි චතුරිකා පීරිස්ට මේ වසංගතය ආසාදනය වූ පුවත ඊයේ වාර්තාවිය. මේ දක්වා කලා ශිල්පීන් ගණනාවකට මේ වසංගතය ආසාදනයවීම සඟවා තිබියදී චතුරිකා සහ ගයාන් නොබියව සමාජ මාධ්‍ය වෙත ඉදිරිපත්වී එම පුවත තහවුරු කිරීම පසුපස තිබෙන්නේ වෙනත් කතාවකි. එනම් ගයාන්ට දරුවාට හා චතුරිකා යන තිදෙනාටම මේ වසංගතය ආසාදිත බවට කිසියම් සමාජ මාධ්‍ය පිටුවකින් පැතිරවූ අසත්‍ය ආරංචියයි.
මෙම අසත්‍ය ආරංචිය පැතිරවූ පිටුව එම පිටුව තුළ පළවී ඇති සමස්ත ප්රවෘත්ති ගණන පහ හයකට වැඩි නැති අතර ඒ සියල්ලම පාහේ මේ දෙන්නා ඉලක්ක කර මඩ ගැසීම් බවට හඳුනාගන්නට ලැබේ. සත්‍ය ලෙසම මේ වසංගතය ආසාදනය වූයේ චතුරිකාට පමණක් බව දැනට රෝහල් ගතව සිටින චතුරිකාද සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ තහවුරු කර තිබෙන අතර ඇය අසත්‍ය ආරංචිය පැතිරවූ බව කියන පිටුවද උපුටා දක්වමින් මෙවැනි දේවල් නොකරන ලෙස ඉල්ලා තිබේ. එම පිටුවේ තවත් කලා ශිල්පීන් කිහිප දෙනෙකුගේ නම්ද දක්වමින් කොරෝනා ආසාදනය වී ඇති බවට සඳහනක් තිබේ.මට පොසිටිව් ඒත් මෙතන නම් තියන කලාකරුවන් වැඩිදෙනෙක්ට මේ වසංගතය ආසාදනය වී නෑ – චතුරිකා එහිදී කියයි. චතුරිකාගේ සටහන ෆේස් බුක් උපුටනය පහතින්