තැන තැන හමුවූ කොවිඩ් රෝගීන් පිළිබඳ විස්තර

Report
9Shares

කොළඹ අබ්දුල් හමීඩ් මාවතෙන් දස දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ, අද (28) එම ප්‍රදේශයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණයේදීය.

මේ අතර, හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයන් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ සමගම අදාළ කර්මාන්ත ශාලාව වසා දැමුණු බවය.

එහි සමහරු රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි පිරිසක් ආශ්‍රයකර ඇති බැවින් ඔවුන්ගෙන් මොවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

එමෙන්ම රුවන්වැල්ල අඟුරුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර සිදුකළ වෛද්‍යවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුගෙන් දිනකට රෝගීන් 100 ක් පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බවය.

එම ස්ථානයේ නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් ක්‍රියාත්මක කර නොමැති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

මේ අතර, සීතාවක ආයෝජන කලාපයේ තවත් 11 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.

මේ අතර මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයෙක් , හෙදියන් 07 ක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 15 දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අකුරණ ප්‍රදේශයේ සංචරණ සීමා කර ඇති බුලුගෝතැන්න හා තෙලඹුගහවත්ත යන ප්‍රදේශවල තවත් පුද්ගයන් 18කට වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව වාර්තා වේ.