මහර බන්ධනාගාර ගැටුම - රාගමට ඇතුළත් කළ පිරිසකට කොවිඩ් (VIDEO)

Report
15Shares

මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන්ගෙන් පිරිසක් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබේ.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි පැවසුවේ, රෝහලට ඇතුළත් කළ 71 දෙනාගෙන් 48 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කළ බවත් ඉන් 26 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට ඉන් තහවුරු වූ බවත් ය.

ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ 71 දෙනාගෙන් 10 දෙනෙක්ගේ තත්ත්වය බරපතළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසීය.

බන්ධානාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වය හට ගත්තේය.

එයින් රැඳවියන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.