මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුර 20000 ඉක්මවයි

Report
2Shares

තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 178 දෙනෙක් අද (30) හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.

ඒ අනුව මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 20,124කි.

අද දිනයේ සුවය ලැබු 558 දෙනා සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 17,560ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට මෙරටින් කොවිඩ් මරණ 116ක් වාර්තා වී ඇත.