SSPගේ දුව කළ කාර් සේල් අනතුරේ කෝටි හයේ වන්දිය නොදෙයි

Report
5Shares

පසුගිය නොවැම්බර් 15 වන දා කොළඹ 07 ප්‍රදේශයේදී නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ 19 හැවිරිදි දියණිය බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථය තවත් මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට කඩා වැදීමෙන් සිදුවූ හානිය පියවීම සම්බන්ධයෙන් මේ වනවිට අවුල් සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

ඉන් විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකට දැඩි හානි සිදුවිය .

මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ හිමිකරුවන් පවසා ඇත්තේ ප්‍රදර්ශනාගාරයට හා සුඛෝපභෝගී මෝටර් රථයට සිදුවී ඇති හානිය මිලියන 60ක් පමණ වන බවයි.

ප්‍රදර්ශනාගාරයේ හිමිකරුවන් පවසන්නේ අනතුරට සම්බන්ධ පාර්ශවයන් විසින් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එස්එස්පීගේ දියණිය අනතුරින් පසු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත පැය කිහිපයකට පසුව නිදහස් විය.

පසුව ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.

මෝටර් රථ ප්‍රදර්ශනාගාරය ට කඩාවැදුණු මෙම සුඛෝපභෝගී මෝටර් රථයට කුලී මෝටර් රථ සමාගමකට අයත් වූවකි.

අදාළ සමාගම නියෝජනය කරන නීතිඥවරයා පවසා ඇත්තේ හානියට පත් මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට එහි වාහනය හිමිකරු විසින් ධාවනය නොකිරීම සහ වලංගු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු විසින් පදවා ඇති බැවින් සමාගමට ගෙවිය නොහැකි බවයි