හිනිදුම, තවලම සතිපොළ වෙළෙඳුන් 23 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
පසුගිය 12 වනදා වෙළඳුන් 83 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කරඇති අතර ඒ අතරින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඔවුන් අද (14) දිනයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතය.
සති පොළ කිහිපයකින් කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් මෙලෙස වෙළඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
මේ අතර නෙළුව ප්‍රදේශයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් නෙළුව සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයක අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් පිරිසක් අද දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.