දෝහා සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට...

Report
0Shares

කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 207 දෙනෙකු දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම පිරිස විදේශ රටවල මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද දින අලුයම 5.25 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1510 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් පැමිණ සිටි පිරිස අතර වැඩි දෙනෙකු කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් විය .

එසේ ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි .