කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, මන්ත්රීවරුන් 15 දෙනකු සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 463කට පීසීආර් පරීක්ෂණ අද(13) පාර්ලිමේන්තු පරිශ්රයේදී සිදුකෙරුණා.
ලබන සිකුරාදා (15) ද තවත් පිරිසකට පාර්ලිමේන්තු පරිශ්රයේදී පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන 18වැනිදා සඳුදාට කල්තැබීමට කථානායකවරයා තීන්දු කර ඇත.