විපක්ෂ නායක මහින්ද තරුණ සමුළුව අමතයි

Report
5Shares

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව මේ වන විට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී ආරම්භවී තිබෙනවා.

ඒ ශී‍්‍ර ලංකා පොදුජන තරුණ පෙරමුණේ නෙළුම් ප‍්‍රකාශනය ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වීමට සමගාමීවයි.

මේ අතර මීට සමගාමීව අද උදෑසන සිට වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක වුණා.

මෙහිදී උදෑසන කාලයේ කමිටු 04ක් ඒකරාශී වී රටපුරා මැතිවරණ කොට්ඨාස 140 පමණ බලමණ්ඩල සකස් කර ඇති අතර එම බලමණ්ඩල සකස් කිරීමේදී තරුණ තරුණියන්ගෙන් ලබාගත් අදහස් සහ යෝජනා සියල්ල ඇතුළත් කර සාකච්ඡා කර ‘‘තාරුණ්‍යයේ නෙළුම් ප්‍රකාශනය‘‘ නම් ප්‍රකාශනය ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ගොඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා සදහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට නෙළුම් ප්‍රකාශනයේ අදහස් ඉදිරිපත් කරන්නැයි තරුණ පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි.