ශ්‍රීලනිප යට එජාපයෙන් ආරාධනයක්

Report
2Shares

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම සෙසු පක්‍ෂ සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සදහන් කළා.

නොච්චියාගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සාකච්ඡාවකට පැමිණෙන ලෙසට එක්සත් ජාතික පක්‍ෂයෙන්ද ආරාධනාවක් සිදුකර ඇති බවයි.

එහිදී "බය නැතුව ඉන්න. ශ්‍රීලනිපය ඉතිහාසයෙත් මේ වගේ අසීරු කාලවලට මුහුණ දීලා තියෙනවා. ශ්‍රීලනිපය යළි ශක්තිමත් වෙන දිනය වැඩි ඈතක නෑ. එක්සත් ජාතික පක්ෂයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡාවකට ආරාධනා කරලා තියෙනවා." යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.