රනිල් සජිත් සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන්

Report
1Shares

ඊයේ(10) රාත්‍රී 09.30 ට පමණ අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්වී ඇත.

එම තීරාත්මක සාකච්ඡාව ඊයේ රාත්‍රී 11.30 පමණ වන තෙක් පැවැත්වූ අතර ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනිම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණි.

මෙම සාකච්ඡා සඳහා මොවුන් දෙපළට අමතරව අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් ද එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම සාකච්ඡාව පසුගිය ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර පසුව එය ඊයේ දිනය දක්වා කල් දමනු ලැබුවේය.