පොහොට්ටුවේ මංගල රැලිය අනුරාධපුරයෙන් ඇරඹෙයි

Report
2Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වනු ලබන ජන රැළි මාලාවේ මංගල රැළිය මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම මංගල රැලිය මේවන විට අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම ජන රැළිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.