එජාපයේ මංගල රැලියේදී සජිත් ජනතාවගෙන් සමාව ගනියි

Report
3Shares

එක්සත් ජාතික පක්ෂය විසින් නාම යෝජනා භාරදීමෙන් අනතුරුව පවත්වනු ලැබූ මංගල ජනරැලිය අද සවස ගාලු මුවදොර පිටියේදී පවත්වනු ලැබීය.

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හංසයා ලකුණින් තරඟ වදින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ,ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැලිය පැවතියේ පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

මෙම අවස්ථාව සදහා එජාපය නියෝජනය කරමින් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පලාත්සභා මන්ත්‍රීවරුන් පලාත් පාලන නියෝජිතයන් ද සහභාගීවී සිටියහ.