රංජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

Report
94Shares

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් විසින් පියවර ගනු ලැබුවා.

ඒ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීම හා මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සැකකටයුතු සංයුක්ත තැටි, දෘඩ තැටි හා ලිපිලේඛන සොයාගැනීමේ සිද්ධියට අදාල නඩුවට පෙනී සිටීම සම්බන්ධවයි.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 5 වනදා මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම පිස්තෝල ගිනි අවිය සහ සැකකටයුතු භාණ්ඩ සොයාගැනුනා.

එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණු අතර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇප මත මුදා හැරුණා.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද මතභේදාත්මක දුරකථන සංවාදවලට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පසුගිය 14 වනදා ඔහු යලි අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ අනුව රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන අවස්ථාවේ දර්ශන පහතින් නරඹන්න.