වේරහැර RMV යෙන් රියදුරු බලපත් ප්‍රමාදකින් තොරව නිකුත් කෙරේ -රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

Report
20Shares

වේරහැර (RMV) ආයතනයෙන් සේවාවන් ලබා ගැණීමට පැමිණෙන ජනතාවට රස්තියාදුවකින් තොරව ගුණාත්මක සේවාවක් සැපයීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට වේරහැර (RMV) ආයතනයේ පිළිබදව ජනතා පැමිණිලි ගලා ඒමත් සමගින් එහි රියදුරු බලපත් ලබා ගැණීමට පැමිණෙන ජනතාව මුහුණ පාන ගැටළු අවම කර හොද සේවාවක් පැසයීමට ප්‍රවාහන රාජ්‍ය ඇමති දුලුම් අමුණුගම මහතා කටයුතු කරයි.

වේරහැර (RMV) ආයතනයන් සේවාවන් ලබා ගැණිමට පැමිණෙන ජනතාවට මුහුණ පාන ගැටළු කඩිනමින් හදුනා ගෙන විසදුම් ලබා දියයුතුයි. මෙතෙක් අක්‍රීයව පැවැති බර වාහන බර කිරන යන්ත්‍රය සක්‍රීය මට්ටමට ගෙන පැය භාගයක් වැනි කෙටි කාලයකදි උපරිම සේවාවක් සැපයීමට පියවර ගත් බවද ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

ප්‍රවාහන රාජ්‍ය ඇමතිවරයා මේ අදහස් පළකලේ ඊයේ දිනයේවේරහැර (RMV) ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට එක්වු අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා ,රියදුරු බලපත් අපේකෂකයින්ට දවස පුරා රස්තියාදු වු කාලය අවසන් කර එක්දින සේවාව සදහා Online ක්‍රමයට වෛද්‍ය පරික්ෂණ සදහා වෙලාව වෙන්කර ගැනීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා රෝහල් 150 කින් වෛද්‍ය පහතික ලබාගැණීමට හැකියාව උදාකර තිබෙනවා.

මෙම ක්‍රමවේදය තුළින් වෙරහැර මෙතෙක් තිබුණ තදබදය අවම කරීමේ වැඩ සටහනක් හදුන්වා දෙමින් රියදුරු බලපත් අපේක්ෂකයින් නිවැරදි කවුන්ටර් වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක්ද හදුන්වා තිබෙනවා. රාජකාරී සදහා යොමුකරන කවුළු ප්‍රමාණය වැඩ කිරීම තුළින් ජනතාවට තම රාජකාරී කෙටි වේලාවකින් ඉටුකර ගත හැකිය.

මීට අමතරව රියදුරු බලපත් ඒකදින සේවාව හරහා ඉල්ලුම් කරන අයදුම් කරුවන්හට නිවැරදි තාවය තහවුරු වුවාට පසුව ජංගම දුරකථනයට SMS පණිවිඩයක් මාර්ගයෙන් රියදුරු බලපත්‍රය විනාඩි 20 වැනි කෙටි කාලයකින් අවශ්‍ය වෙලාව දැණුම් දීමට පියවර ගැණේ.එසේ දැණුම් දිමෙන් පසු පැය තුනක් වැනි කෙටි කාලයකින් රියදුරු බලපත්‍රය ලබාගැනීමේ හැකියාව උදාවන බවද පැවසුවේය.