නියගය පැවතියත් විදුලි කප්පාදුවක් නැහැ.-ඇමති මහින්ද අමරවීර

Report
4Shares

මෙම දිනවල පවතින දැඩි නියග තත්ත්වය සමග ජලවිදුලිය නිෂ්පාදනය මේ වනවිට සියයට 30ක් දක්වා පහත බැස තිබුණද ඩීසල් හා ගල් අගුරු තාප බලාගාර ආශ්‍රිත විදුලිය නිෂ්පාදනය සියයට 68 දක්වා ඉහළ ගොස් තිබේ . සුළං හා සූර්ය බල ආශ්‍රිතව විදුලිය උත්පාදනය සියයට 02 දක්වා පවතින බවද විදුලිබල හා බලශක්ති , ප්‍රවාහණ සේවා කළමණාකරණ ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පුණර්ජනනීය විදුලිබලය සම්බන්ධව පවත්වන ලද ජාතික සමුළුව කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී අද දින (13) පෙරවරුවේ පැවැත්වු අවස්ථාවේදී ඇමතිවරයා මේ බව පැවසුවේය.

මෙම අදහස් පලකලේ මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් විදුලිබල හා බලශක්ති , ප්‍රවාහණ සේවා කළමණාකරණ ඇමති මහින්ද අමරවීර මහතා සහභාවු අවස්ථාවේදිීය. ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් විනෝද් කේ ජාකොබ් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා විදුලිබල අර්බුදයක් පැවැතියත් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා මේ වනවිටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සියලුම පියවර ගෙන ඇත. රුපියල් 24ක් වැනි මුදලක් වැය කර මිල දී ගන්නා විදුලි ඒකකයක් මහජනතාවට රජය විසින් ලබා දෙන්නේ රුපියල් 16ක් වැනි අඩු මුදලකටය. එමෙන් අප රටේ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 17කට විදුලිය ලබා දෙන්නේ ඒකකයක් රුපියල් 2.60ක් වැනි ඉතාමත් අඩු මුදලකටය.

විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවත් විදුලි බිල ඉහළ දැමීමට රජය අදහස් නොකරන අතර 2023 වනවිට නව බලාගාර කිහිපයක් ආරම්භ කිරීම මගින් තවදුරටත් විදුලි මිල අඩු කර මහජනතාවට ලබා දීමට රජය සූදානම් බවත් ඇතිවරයා මෙහිදී සඳහන් කළේය.

727 total views