ලක්ෂ 26 කගේ E.P.F එක SMS එකකින්

Report
12Shares

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ගේ මාසික දායක මුදල් ඔවුන්ගේ ගිනුමට බැරවූ විට ඒ පිළිබඳව ජංගම දුරකතනයට ක්ෂණිකව දැනුම් දීම සඳහා කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සඳහා වන යෝජනාවට පෙරේදා ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරන ස්ථිර සේවක සංඛ්‍යාව ලක්ෂ 26 වන බවයි අමාත්‍යවරයා පවසන්නේ .

දැනට පවතින ක්‍රමවේදය අනුව අරමුදලේ සාමාජිකයන්ට තම දායක මුදල් ගිනුම් ගතව ඇද්ද යන්න දැන ගැනීම සඳහා මාස 06- 12 අතර කාලයක් ගත වනවා.

මෙම පමාව නිසා සමාජිකයන් ගැටලු රැසකට මුහුණ දෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සමගින් ගගන පුවත් හිමිදිරිය පහතින් නරඹන්න.

927 total views