එක දිගට පවතින උද්ඝෝෂණ පිටුපස විදෙස් හස්තයක් ?

Report
11Shares

කොළඹ කේන්ද්‍ර කරගෙන එක්වරම ව්‍යාප්ත වෙමින් පවතින උද්ඝෝෂණ රැල්ල පිටුපස සිටින සංවිධානාත්මක දේශපාලන හස්තය හා ඔවුන්ගේ අරමුණු පිළිබඳ සියලු රහස් බුද්ධි වාර්තාවන් රජයට ලබාදී තිබෙනවා.

රට අස්ථාවර කිරීමේ අරමුණින් මෙම උද්ඝෝෂණ පැවැත්වෙන් බවට අනාවරණය වීමත් සමඟ ස්කොට්ලන්යාඩ් පොලිසියේ විශේෂ පුහුණුව ලත් පනහක කණ්ඩායමක් ඊයේ සිට කොළඹට කැඳවා ඇති බවයි පැවසෙන්නේ.

සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළුව බ්‍රිතාන්‍ය රජයේ අධාර ඇතිව විශේෂ පුහුණුව ලත් පොලිස් කණ්ඩායමක් මේ සඳහා අනුයුක්ත කර තිබේ.

ඉකුත් දෙසැම්බර් පළමු වැනිදා සිටෙ මේ සතිය දක්වා කොළඹ නගරයේ උද්ඝෝෂණ හතලිස් එකක් සංවිධානය කර ඇතැයි අනාවරණය වී ඇත.

මෙම උද්ගෝෂණ මෙහෙයවීම පසුපස විදෙස් රටක න්‍යාය පත්‍රයකට ක්‍රියාත්මක වන දේශපාලන හස්තයක් හා සරසවි වල දේශපාලන බලය ඇල්ලීමේ අරමුණින් ක්‍රියත්මක සංවිධාන සිටින බව අනාවරණය කර ගෙන තිබේ.

මේ අතර කොළඹදී පසුගිය රජය සමසේ එච්.එන්.ඩී.ඊ සිසුන්ගේ උද්ඝෝෂණයකට පහරදී ඔළු පැලීමේ සිද්ධියෙන් පසුව බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ඇතුළු විශේෂිත කණ්ඩායමකට ස්කොට්ලන්තයේදී හා කළුතර පුහුණු පාසලේදී පුහුණුව ලබා දී තිබිණි.

එහෙත් පසුගිය රජය එම පුහුණුව ලත් කණ්ඩායම් පසෙක දැමීම නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ද ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල වූ අතර මෙම පුහුණුව ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජයේ වියදමින් වීමද එයට හේතුවකි.