අනවසර ඉදිකිරීමට කැඩුවාට දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරීට බෝම්බ ප්‍රහාරයක් -සැකකරුවන් පැය 48 ඇතුළත අත්අඩංගුවට නොගත හොත්

Report
30Shares

උතුරු නැගෙනහිර දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරී ආනන්ද රත්නමලල මහතාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මරණීය තර්ජන එල්ල කල සැකකරුවන් පැය 48 ඇතුළත අත්අඩංගුවට නොගත හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බන සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි දුම්රිය රක්ෂිතයේ පර්චස් 60 ක ඉඩම ශ්‍රී ලංකා පොදුජන නිදහස් පෙරමුණේ අනුරාධපුර නාගරික මන්ත්‍රීණී සුරංගි රේණුකා සමරතුංග යන අය අල්ලාගෙන එම භූමියේ ඉදිකරමින් සිටි අනවසර ඉදිකිරීම ඊයේ (26) දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් ඉවත්කොට ඇත.එම ඉවත් කිරීම සිදු කල දිනයේම රාත්‍රී 12ට පමණ දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරී වරයාට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබිණ.

අනුරාධපුර නගරය මැද එසේ අනවසරයෙන් අල්ලා ගෙන සිටි ඉඩම කෝටි ගණනක් වටිනු ඇත.මෙම ඉඩම බලහත් කාරයෙන් අල්ලාගෙන ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය.මෙහි 2000 වසරේ පිස්කල් නියෝගයක් ලබාගෙන ඉවත්කර ඇති අතර අදාල මන්ත්‍රීවරිය දේශපාලන බලය යොදාගෙන බලහත්කාරයෙන් ඉඩම අත්පත්කරගෙන ඇති අතර එහි තිබු ඉදිකිරීම අද 27 වැනිදින ඉවත්කිරීමට තිබු අතර සහකාර අධිකාරී වරයාට බෝම්බ ගසා මරණයට පත්කිරිම තැත්කර ඇත්තේ ඊයේ (26) රාත්‍රියේයි.මේ සිද්ධිය පැය විසිහතරක් යාමට මත්තෙන් අදාල නිලධාරියට මෙසේ බෝම්බ ප්‍රහාරකයක් එල්වි ඇත්තේ අදාල නාගරික මන්ත්‍රී වරිය ගේ අනුදැණුම මතදැයි සැකයක් පවතින බවද සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොද සේවක සංගමයේ සම කැදවුම් කරු එස්.පි.විතානගේ මහතා පවසයි.

අදාල සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ‍ෙඅනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කොට වහාම සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න කියා.දේශපාලන බලය පාවිච්චිකර දුම්රිය ඉඩම් අල්ලාගෙන ඉදිකිරීම් කරමින් ඉන්න අයට කටයුතු කරන්න ගියවිට ආන්ඩුවේ ප්‍රබලයින්ගේ මැදිහත් වීම මත රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් වී තිබෙනවා.මේ සම්බන්ධව කටයුතු කරන්නැයි අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇති ඇතර ඉදිර පැය 48 ඇතුළත සැකකරුවන් අත්අඩංගුවට නොගත හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද විතානගේ මහතා පැවසුවේය.

2134 total views