බිද වැටුණු සංචාරක ව්‍යාපරය ගොඩ නැංවීමට දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම්

Report
4Shares

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සදහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ රටතුල කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කල වහාම රජය මේ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් ලොව පුරා සංචාරක ව්‍යාපරය කඩා වැටී තිබේ. මේ නිසා ආර්ථිකයට සිදුව ඇති පාඩුව අතිමහත්ය. ශ්‍රී ලංකාවටද මේ තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ. රජය මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ මෙම කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම සදහායි. එම මෙහෙයුම සාර්ථක වී වසංගතය මැඩ පැවැත්වූ වහාම මෙරට ආර්ථිකය ගොඩ නැංවීමේ මෙහෙයුම ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.