ආණ්ඩුවට ලැබුණ විදේශාධාරවලින් ජනතාවට සහන දෙන්නේ නෑ

Report
1Shares

ආණ්ඩුවට ලැබී ඇති විදේශාධාරවලින් ජනතාවට සහන ලබාදීම වෙනුවට, එම මුදල්වලින් ආණ්ඩුවේ නායකයින් සුරසැප විදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමන් මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (22දා) සමගි ජන බලවේගය කාර්‍යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"ආණ්ඩුවට විදේශ ආධාර ලැබිලා තියෙනවා. ඒත්, ආණ්ඩුවේ නායකයෝ සුරසැප විඳින විදිනවා. සමහර ඇමතිවරු සංදර්ශන තියෙනවා. උපන්දින සාද තියෙනවා. ආණ්ඩුව සුර සැප විඳින ගමන් ජනතාවගේ සාක්කුවට විදිනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන විශාල පිරිසට අඩු තරමේ මාස්ක් එකක් ලබාදෙන්න පවා ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවද?. ආරක්ෂිත උපකරණ, ආහාර ටික, මේ වගේ අත්‍යවශ්‍ය දේවල් ලබා දෙන්නවත් ආණ්ඩුව කල්පනා කරන්නෙ නෑ. මේ රටේ දානපතියෝ තමයි ඒ අය වෙනුවෙන් සහය වෙන්නේ.

රටේ සියළු ජනතාවගේ සියලු ආර්ථිකයන් කඩා වැටිලා ඉවරයි එදිනෙදා සොයන් රැකියා කරන සියලු දෙනාම කඩාවැටිලා ජනතාව ජීවත් වෙන්නේ අර්බුදයක් නැද්ද අර්බුදයක් මැද කෝ ආණ්ඩුව දෙනවා කිව්ව සහන පැකේජ

ඉබ්බන්ගෙන් පිහාටු ගත්තත් රාජපක්ෂලගෙන් සහන ගන්න බැහැ ඒක තමයි ඇත්ත.

විදුලි බිල දැන්ම ගෙවන්න ඕන නෑ කියලා ආණ්ඩුව බොරුවක් කිවුවා. දැන් මාස දෙක තුනක් එකට එකතු කරලා ඒ බිල් එනවා. ඒ ජනතාවට කිසිම සහනයක් නෑ.

මේ ආණ්ඩුව කරන්නේ මොනවද?.ජනතාවට පටි තදකරගන්න කියලා ආණ්ඩුව ජනතාව කබලෙන් ලිපට දාලා." යනුවෙන් ද සඳහන් කළේය.