ආණ්ඩුවට විරුද්ධව 20,000ක් ඉල්ලා පාරට බහින සජිත්....

Report
5Shares

ආණ්ඩුවට විරුද්ධව ඉදිරියේදී වීදි සටන් ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මේ සමයේ දී තම ජීවනෝපාය අහිමි වූ සියළු ජනතාවට මාසිකව රුපියල් විසි දහසක් ලබා දිය යුතු බව ද ඔහු පවසයි.

ජනතාව මත පීඩනය පටවනු වෙනුවට සහන ලබාදෙන ලෙසද රජයට බල කර සිටින බවද ඔහු සඳහන් කළේය.

අධිවේගී මාර්ග මේ මොහොතේ රටට අවශ්‍ය නැති බවත් එම මුදලින් ජනතාවට සහන දීම අවශ්‍ය බවත් ඔහු නියා සිටියේය.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.