ඇමති ආරුමුගන් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

Report
7Shares

ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතළ පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා

රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටි බවයි.

අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

1964 වර්ෂයේ මැයි මස 29 වෙනිදා උපන් අමාත්‍යවරයා මියයන විට 56 හැවිරිදි වියේ පසුවූවා.

අමාත්‍යවරයා රෝගාතුරු වී තලංගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඔහු හෘදයාභාධයකින් මිය යන්නට ඇති බවයි සක පල කර ඇත්තේ. ඔහුගේ මෘත දේහය මේවන විටත් තලංගම ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.