කොවිඩ් 19 ආසාදනය වී මිය ගිය 11 දෙනාම විදෙස් රටවලදී ආසාදනයවී මෙරටට පැමිණි පුද්ගලයින් - විමල් වීරවංශ.

Report
1Shares

මෙරට කොවිඩ් 19 ආසාදනය වී මිය ගිය සියලු දෙනා විදෙස් රටවලදී ආසාදනයවී මෙරටට පැමිණි පුද්ගලයින් බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මෙහිදී කොරෝනා ආසාදනයවී විදෙස් රටවල සිට මෙරටට පැමිණි රෝගීන්ගෙන් මෙරටදී ආසාදනය වූ කිසිවෙකු මිය නොගියේ සෞඛ්‍ය අංශයන්හි සහ රජයේ පැවති නිවැරදි වැඩ පිළිවෙළ නිසා බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසුවා.