කරුණාගේ අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි මැකොට කියයි.

Report
4Shares

2020 මහ මැතිවරණ අපේක්ෂ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් යන අය විසින් අලිමංකඩදි හා කිරිනොච්චියේදී හමුදාවේ නිළධාරින් 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් තමන් විසින් ඝාතනය කිරිම සබන්ධයෙන් 06.29 දින මැතිවරණ කොමිසමයේ සභාපතිතුමාට කරුණාඅම්මන්ගේ අපේක්ෂකත්වය අහිමි කරන ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

එම ලිපිය ජාතික විද්වත් සභාවේ සභපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් විසින් මෙම පැමිණිල්ල සිදු කරන ලදි. ඒ සදහා දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, ශාස්ත්‍රපති පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි, පූජ්‍ය ශාස්ත්‍රවේදී බුදුගල ජිනවංස හිමි යන හිමිවරුන් සහභාගි විය.

ඉන්පසුව නාරහෙන්පිට රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන මුලස්ථානයේ දි සවස 2.30 ට මාධ්‍ය හමුවක් පැවත්විණි. ඒ සදහා පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, පූජ්‍ය ශාස්ත්‍රපති රජවත්තේ වප්ප නාහිමි, පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි, පූජ්‍ය බුදුගල ජිනවස හිමි සහභාගි විය. තවද ජනාධිපති නිතීඥ අනුර මැදගොඩ මහතා සහභාගි විය.