අගරදගුරු ගැන මා පෙර ස්ථාවරයමයි.. කිසිම වෙනසක් නෑ..- හරීන් යලි කියයි..

Report
3Shares

අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් තමන් තවමත් සිටින්නේ මුල් ස්ථාවරය ම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් අගරදගුරුතුමන් සම්බන්ධයෙන් තමන් මින් ඉදිරියට ප්‍රකාශ නොකරන බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අගරදගුරුතුමන් හමුවීම සම්බන්ධයෙන් කළ විමසීමකදී හරින් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේය.

අගරදගුරුතුමන් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට වාසිදායක වන ලෙස දේශපාලනයේ යෙදුනු බවත් එය ඉතා හිරිකිත බවත් හරින් ප්‍රනාන්දු මහතා විසින් කළ ප්‍රකාශයකට විවිධ පාර්ශවයන්ගේ දැඩි විවේචන එල්ල විය.