හම්බන්තොට දුෂ්කරතාවලින් පෙළෙන විහාරස්ථාන 35 ක් සංවර්ධනයට

Report
හම්බන්තොට දුෂ්කරතාවලින් පෙළෙන විහාරස්ථාන 35 ක් සංවර්ධනයට
0Shares

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ දුෂ්කරතාවලින් පෙළෙන විහාරස්ථාන 35 ක් සංවර්ධනය කිරීමට නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් තීරණය කෙරේ.

මෙම තීරණය ගෙන ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබෙන විහාස්ථාන කිහිපයක විහාරස්ථාන භාර ස්වාමීන් වහන්සේලා ඊයේ (28) දිනයේ හමුවී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ පැවැති සාකච්ජාවකින් පසුවය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ දුෂ්රතාවලින් පෙළෙන විහාරස්ථාන රැසක් ඇති බවත් එවැනි විහාරස්ථාන නගා සිටුවීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන්නේ නම් ඊට තම සහයෝගයද ලබා දෙන බව නාරාහේන්පිට අභායාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා හමු වූ

අවස්ථාවක පවසා තිබිණි.එහි ප්‍රථිපලයක් ලෙස මෙසේ මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රථම අදියර යටතේ විහාස්ථාන 35 ක් සංවර්ධනය කිරීමට තීරණය කොට තිබේ.


ඇතැම් විහාරස්ථාන හා පිරිවෙන් ද විවිධ දුෂ්කරතාවලින් පෙළෙන බව කී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ එම විහාරස්ථානවල මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට තම උපරිම දායකත්වය ලබා දෙන බවද පැවසුහ.

විශේෂයෙන්ම යහපත් රටක් ගොඩ නැගීමට කැප වී කටයුතු කරන වත්මන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා මෙන්ම ඔවුන්ගේ වැඩ කටයුතුවලට උපරිම සහාය ලබා දෙමින් කටයුතු කරන මහින්ද අමරවීර මහතාට සහාය දක්වනු වස් තමන් මෙම කර්තව්‍යය ආරම්භ කළ බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මහමැතිවරණයේ දී මහජන නියෝජිතයින් වශයෙන් ඉදිරිපත් කර ඇති ඇතැම් අපේක්ෂකයින්ගේ අතීත කල්කිරියාව ගැන තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව කී උන්වහන්සේ පාර්ලිමේන්තුවට මහජනතාව විසින් තම ඡන්දයෙන් තෝරා පත් කර ගත යුත්තේ විනයගරුක, ලැජ්ජාභය ඇති මන්ත්‍රීවරු පිරිසක් බව ද කීහ.

පසුගිය කාලයේ පෑවති පාර්ලිමේන්තුව දෙස බලන විට එම පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක්දැයි සිතෙන තරමට මහජනතාවට කළකිරීමක් පැවැතිණි. එමනිසා මෙවර මහමැතිවරණයෙන් පත් කර ගන්නා පාර්ලිමේන්තුවට හොරුන්, තක්කඩියන්, දූසිතයින් වෙනුවට හොඳ යහපත් මිනිසුන් පිරිසක් පත් කර ගැනීම මහජනතාවගේ වගකීමක් බවත් උන්වහන්සේ මෙහිදි වැඩි දුරටත් සඳහන් කළහ.