රටේ අසමගිය ඇති කරන දේශපාලන පක්ෂ විනාශ විය යුතුයි - නිමල් ලාන්සා

Report
1Shares

ජාතින් අතර අසමගිය හා භේද ඇති කරන දේශපාලන පක්ෂ මෙරටින් තුරන්වී යායුතු බව හිටපු නියෝජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන සුමන්තිරන් සහ සම්බන්දන් යන හිටපු මන්ත්‍රීවරුන් ජාතිවාදය වපුරමින් දේශපාලනයේ යෙදෙන බවයි. සමන්තිරන් මන්ත්‍රීවරයා වෙත ආරක්ෂාව ලබා දුන් පමණින් ඔහු ආණ්ඩුවට සහයෝගය දෙන බවට සඳහන් කළ නොහැකි බව ද ඔහු කියා සිටියා.

කොළඹ දී පැවතී මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළා.