රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම

Report
21Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

2015 වසර ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතාට එරෙහිව නඩු පවරා තිබුනා.

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මරණ දඬුවම නියමවූ සෙසු විත්තිකරුවන් වනවා.