පවුලෙන් පිට අයෙකුට මනාපයක් දෙන්නැයි මා කියන්නේ මුල් වරටයි.. ඒ කාටදැයි රෝහිත කියයි

Report
1Shares

තමන්ගේ පවුලේ සාමාජිකයෙකු වොනව අයෙකුට මනාපයක් දෙන්නැයි තමන් පළමු වතාවට ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙවර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පොදුජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂක නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේය.

මෙවර මැතිවරණයේදී දොලවත්ත මහතාද පාර්ලිමේන්තුවට එවිය යුතු පුද්ගලයෙක් බවත් ඔහුටත් මනාපයක් ලබා දෙන්නැයි රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා 2005දී පරාජය වී නිවසට ගිය විට දොලවත්ත මහතා තම නිවසට පැමිණ ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව පැවසූ බවද රෝහිත රාජපක්ෂ මහතා එහිදී පැවසීය.