එජාපයේ නායකයින් ගැන විශේෂ නිවේදනයක් නිකුත් වෙයි.

Report
6Shares

පක්ෂයේ විවිධ වගකිම් වෙනුවෙන් විවිධ නම් යෝජනා වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මේවනවිට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් අතර සියුම් තරගයක්ද නිර්මාණය වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

රට තුළ තනි දැවැන්තම දේශපාලන පක්ෂය වෙමින් මෙරට නිදහස උරුමකර දීම වෙනුවෙන් ඇප කැප වූ එක්සත් ජාතික පක්ෂය අද වනවිට තීරණාත්මක මොහොතක් පසුකරමින් සිටිනවා.

මහ මැතිවරණයෙන් ලද පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාව සහ ඒ වෙනුවෙන් පුලුල් ප්‍රතිසංවිධාන වැපිළිවෙළක්ද අත්‍යවශ්‍ය වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ වෙනුවෙන් නව නායකයෙකු යටතේ අදාළ ප්‍රතිසංවිධාන සහ ප්‍රතිව්‍යූගත ක්‍රියාවලිය සිදුකිරීම සදහා මේවනවිටත් පක්ෂයේ සියලූ‍දෙනාම පොදු එකගතාවකට පැමිණ ඇති බවද එම නිවේදනයේ සදහන්.

එක්සත් ජාතික පක්ෂය යනු මෙරට දේශපාලනය තුළ වරින්වර බිහි වූ පවුල් පක්ෂයක ආකෘතියක් නොවන බව ද එහි සදහන් වනවා.

ජනතා ආදරය දිනාගත් දක්ෂ නායකයින් අතීතයේ සිට වර්තමානය දක්වාම නායකත්වයේ සිට පහළට පක්ෂයේ විවිධ තනතුරු දරා තිබෙන බවත් වර්තමානය තුළද පක්ෂයේ වගකීම් දැරීමට ඉදිරිපත් වන නායකයින්ගේ හිගයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ.

එබැවින් මෙම තීරණාත්මක මොහොතේ සියලූ‍ නායකයින් සහ පාක්ෂිකයින් එක්සත්ව කටයුතු කරමින් පක්ෂය යළි ජයග්‍රහණයක් කරා රැගෙන යාම වෙනුවෙන් අධිශ්ඨානශීලීව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.