හරකුන්ටත් අමාත්‍යංශයක්??? මර්වින්ගෙන් යෝජනාවක්...මහින්දට ස්තුතියි!!!

Report
7Shares

ගව ඝාතනය වැළැක්වීම සඳහා පියවර ගැනීමට අදාළ යෝජනාවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීම හා එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් එය තමන් අගය කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ තමන් විසින් ගෙන ආ මෙම යෝජනාව අද ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තම සතුටු වන බවයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

නව රජය විසින් විවිධ අංශයන් සඳහා අමාත්‍යධුර හඳුන්වා දී ඇති අතර මෙරට ගව සම්පත ආරකරක්ෂා කර ගැනීමේ පිණිස ඒ සඳහා ද අමාත්‍යංශයක් පත්කරන්නේ නම් යහපත් බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.