රනිල්ගේ පරම්පරාවටම අර්ජුන දෙහි කපා එජාපයෙන් පසෙකට වෙයි.

Report
12Shares

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට රුවන් විජේවර්ධන මහතා පත් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා දැඩි කනස්සල්ලට පත්ව තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසු තමන් මහත් කලකිරීමට පත්ව ඇති බවත් පසෙකට වී සිටීම වඩා යහපත් බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පරම්පරාවෙන් බූදලයක් සේ ලබාදීමට තමන් විරුද්ද බවත්, මෙම තත්වය වහා වෙනස් විය යුතු බවත් අර්ජුන රණතුංග මහතා කියා සිටී.

අර්ජුන රණතුංග මහතා ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලාපොරොත්තුවෙන් මෑතකදී අදහස් පල අයෙක්ද වනවා.