රථ වාහන ඔස්ට්‍රේලියාවට අපනයනය කරන ආයතන දිරි ගැන්වීමට

Report
රථ වාහන   ඔස්ට්‍රේලියාවට අපනයනය කරන ආයතන දිරි ගැන්වීමට
22Shares

යුරෝපයේ නිෂ්පාදිත රථ වාහන මෙරටට ගෙන්වා ඒවා ඕස්ට්‍රේලියානු රථ වාහන වෙළෙඳපොළට අවශ්‍ය පරිදි සකස් කොට ඔස්ට්‍රේලියාවට අපනයනය කරන මෙවැනි ආයතන දිරි ගැන්වීම රජයක් හැටියට කළ යුතු වැඩක් බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසයි.

අමුණුගම මහතා එසේ පැවසුවේ කඩුවෙල AUTO GROUP INTERNATIONAL ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (23) එක්වු අවස්ථාවේදීය .

මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා මෙම රථ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ ඇති විශේෂත්වය නම් ඕස්ට්‍රේලියාවට යැවීම සඳහා නැවත සකස් කරනු ලබන සියලු වාහන අමතර කොටස් ආදිය දේශීය ඉංජිනේරුවන් විසින් මෙරටදී නිෂ්පාදනය කරනු ලබන එ්වා වීමයි. ඒ අනුව රටට විශාල විදේශ විනිමයක් රැගෙන එන ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ මෙවැනි කර්මාන්ත සඳහා රාජ්‍ය මට්ටමින් අවශ්‍ය සහයෝගය ලබා දෙමින් එම කර්මාන්ත වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසුවේය.

රියදුරු අසුන වමේ තිබෙන එක දකුණු පැත්තට මාරු කරන ආයතනයක් කොයිතරම් දේශීය වශයෙන් යෙදවුමක් තිබෙනවාද කියා බැලිය යුතුයි.මේ තුළ වාහනයේ ඩෑස් බෝඩ්එක ඇතුළු අංගෝපාංග දේශීය ව නිෂ්පාදනය කර මේවාට සවිකරනවා.එ් අනුව ඔෑස් බෝඩ් එක ,ස්ටියරින් රැක්එක දේශීයයව නිෂ්පාදනය කර.ඔස්ටේලියාට ,ඇමෙරිකාවට සරිලන අයුරින් දේශීය ප්‍රමිතිය ට අනුව අපේ සේවකයින් සකස් කරනවා.මේ ප්‍රමිතියේ සේවකයින් ඉන්නවානම් අළුතින් වුනත් මෝටර්රථ නිෂ්පාදනයකල හැකියි. මෙය ලෝකයේ හොදම රට පරිවර්ථනය කරන ආයතනයක් .ඒකේ ප්‍රමිතය තමයි බලා ගන්න ඕන වුණේ. ප්‍රමිතිය ඉතාම ඉහලයි. අපි සතුටු වෙනවා මෙවැනි ආයතන පවත්වාගෙන යාම කෙරෙහි .මෙවැනි ආයතන දිරි ගන්නවන් අවශ්‍යයි. විශේෂයෙන් මෝටර් රථ කර්මාන්තය ආරම්භ කිරීමට හා නගා සිටුවන්න තම අමාත්‍යංශට බාරවී තිබෙනවා. ඒ අනුව මෙවැනි ආයතන වලට අවශ්‍ය දිරි ගැන්වීම් ලබාදීලා දිරි ගන්වන්නත්,නව ආයතන ලවා මෙවැනි ක්‍රියාවලියන් ආරම්භ කරන්නත් ඉදිරියේදී උත්සාහ ගන්වා. මේ ආයතන කරගෙන යන කාර්ය භාරය පිළිබදව සතුටු වෙනවා.සියළුම සේවකයින් ,ලංකාවේ කාර්මික විද්‍යාල වල ඉගෙනුම ලබපු අය මෙවැනි ආයතන පිළිබදව වපර ඇහින් බලන්නැතිව රටට මුදල් උපයන්න පුළුවන් ආයතන හැටියට ඒ අය දිරි ගන්වන්න කටයුතු කරන්න අවශ්‍යයි.

පසුගිය රජය සමගේ පොක්සොගන් කර්මාන්ත ශාලාව පොල්ගස් කැපීම සදහා යොදා ගත් එකක්. අපි දේශීයව බස්රථ ලොරිරථ එකලස් කිරීම් දිරි ගන්වලා තිබෙනවා..අපේ අමාත්‍යංශය ඒ අයට අවශ්‍ය දිිරි ගැන්වීම් අවශ්‍ය ඉඩම් හා පරිශ්‍රවයන් ලබාදීම සදහා පෙනී සිටිනවා.ඒ අයගේ පහසුකම් සපයන්නන් හැටියට .මේ ආයතන මෝටර්රථ මෙහිදී නිෂපාදනය නොකෙරුවත් විශාල කොටසක් මෙහි නිෂ්පාදනය වෙනවා කියා පේනවා.මුළු කාරකෙක්ම මෙහිද නිෂ්පාදනය නොවන බව ඇත්ත නමුත් විශාල අංගෝපාංග රැසක් දේශීයව නිෂ්පාදනය වෙනවා.ඒ ගනයට වැටෙන ඒකක් මේ අංශ දෙකම අපි දිරිමත් කරන්න කටයුතු කරන්න ඕන.

මෙවැනි කර්මාන්ත ශාලා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්ම කවන්නේ මේ රථ ගෙන්න පුළුවන් .රථ සකස් කොට පිටරටට යවන් පුළුවන් .ආයෝජන මණ්ඩලයේ නිතිය යටතේ සියයට විස්සක් මේ රටේ අලෙවි කරන්නත් පුළුවන්.මෙවැනි වාහනයක් මේ රටේ අලෙවි කරද්දී තිබෙන වාහන මත පදවපු බදු නිසා එය නොවටිනා ගානක් බවට පත්වෙනවා.කාටවත් මිලදී ගන්න පුළුවන් වන්නේ නැහැ. ඒනිසා මේ සමාගම් වලට ඒ සියයට විස්ස ලංකාවේ අලෙවිකිරීමේ වරප්‍රසාදය ලංකාවේ ලැබෙන්නේ නැහැ.නමුත් ඒ වුනත් විදේශ විනිමය හැටියට අපේ රටට විශාල ගෙනෙන ආයතනයක් මෙවැනි රථයක් බදුඅඩුකර මෙවැනි රථයක් පාරට ගන්නවාද කියන එක වෙනම කාරනයක් .රජයක් හැටියට මෙවැනි ආයතනත දිරි ගන්වන්න එක කල යුතු කාරනයක් බවද මෙහිදී පැවසුවේය.