ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ '' සේවා අභිමාන -2020''

Report
  ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ   '' සේවා අභිමාන -2020''
0Shares

ගුවන්තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අංශය මගින් ප්‍රථම වරට පවත්වන ලද විශිෂ්ඨ පාරිභෝගික සේවාවක් ආරම්භ වන්නේ ප්‍රීතිමත් සේවකයින්ගෙණි යන තේමාව යටතේ සේවා අභිමාන -2020 වැඩ සටහන පසුගියදා සිවිල් ගුවන්සේවා අධිකාරීයේ ශ්‍රවනාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

එහිදී සෑම සේවකයකු අගය කරන හා ප්‍රථිලාභ ලබන සංස්කෘතියක් වර්ධනය කිරීමේ අරමුණින් ගුවන් තොටුපල හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අංශය මගින් මෙම වැඩ සටහන සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ,ගුවන් තොටුපල හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනාරල් ජී.ඒ.චන්ද්‍රසිරි ,උප සභාපති රජීව් සුරියආරච්චි,සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම යන මහත්වරු ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

මේ සදහා අයදුම් පත් සියළුම සේවක සේවිකාවන් අතරින් කැදවනු ලැබු අතර අයදුම් පත් සියල්ල වෘත්තීය සමිති නියෝජිතයින් ,අංශ ප්‍රධානීන් ,අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් නියෝජනය කරනු ලබන කමිටු තුනක් විසින් තමන් හට නියමිත රාජකාරි අභිබවා ආයතනයේ අභවෘද්ධිය උදෙසා සිදු කරන ලද විවිධ ක්‍රියාකාරමකම් ඉටුකළ සමාගමේ සේවක සේවිකාවන් අතරින් සේවකයින් කණ්ඩායම් කිහිපයක් තෝරා ගන්නා ලදි. මෙම තෝරාගත් සේවක සේවිකාවන් කණ්ඩායම් වැඩ නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණය ,නායකත්වය ,පාරිභෝගික සත්කාරය ,නවෝත්පාදනය යන කාණ්ඩ යටතේ රන් රිදි ,ලෝකඩ සහ කුසලතා සම්මාන ප්‍රදානය කරන ලදි .

මෙහිදී 2018 වසර සදහා රන් සම්මානය හතරක් ද 2019 වසර සදහා රන් සම්මාන දෙකක්ද ලබා දීමට හැකිවිය .ඒ අනුව 2019 වසරේ -කණ්ඩායම් වැඩ රන් සම්මානය ඉකෝ ෆෙන්ඩිස් ආයතනය ද ,නිර්මාණ ශීලීත්වය හා නව්‍යකරණය රන් සම්මානය රත්මලාන ගුවන් තොටුපලේ එම් .වී.එන් .ඥාණසිරි මහතාටද,පාරිභෝගික සත්කාරය රන් සම්මානය එච්.ආර.එම් පුල්ලේ මහතාටද,විවෘත අංශය රන් සම්මානය එම්.පී.ආර්.එම් .පුල්ලේ මහතාදට හිමිවිය.

2019 වසර සදහා රන් සම්මානය - නිර්මාණශීලීත්වය සහ නව්‍යකරණය රන් සම්මානය යොහාන් තම්මිට ආරච්චි මහතාත් ,විවෘත අංශය රන් සම්මානය ජේ.ජේ.එම් ගාමීණී මහතාටත් හිමිවිය.