සියලුම පක්ෂ නායකන්ට අගමැතිගෙන් හදිසි කැඳවීමක්...

Report
3Shares

ආණ්ඩුවේ සියලු පක්ෂ නායකයින් විශේෂ සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කැඳවා තිබෙනවා.

අද පස්වරුවේ කොළඹදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රවණතා සහ එහි පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ.

එමෙන්ම, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද හෙට පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයෙන් අනතුරුව එහි රහසිගත මතය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් කතානායකවරයාට දැනුම් දෙනු ලැබුවා.

කතානායකවරයා විසින් එළැඹෙන 20 වැනිදා එය පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි.පෙරේදා දිනයේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් රැස්වූ අවස්ථාවේ තීරණය කරනු ලැබුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන විවාදය 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමටයි.