මට්ටක්කුළියට විශේෂ ආරක්ෂක කණ්ඩායම් කිහිපයක්

Report
102Shares

යුද හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත මට්ටක්කුළිය සමිත්පුර ප්‍රදේශයට විශේෂ ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.

කොවිඞ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ යුධ හමුදාවේ මෙන්ම පොලිසියේ නිළධාරීන් ඒ අතර වන බවයි.

අසළ ප්‍රදේශවලට කොවිඞ් පැතිරිම වැළැක්වීමේ පියවරක් ලෙසයි එම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.

එමෙන්ම ලංකාපුර / බ්ලූමැන්ඩල් / කොටහේන දකුණ සහ කොටහේන බටහිර ප්‍රදේශවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන ලෙසටද වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විසින් දැනුම්දීමක් කර තිබෙනවා.