දුමින්ද සිල්වාට ජනපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 50කගෙන් ලිපියක්

Report
7Shares

මරන දඩුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට ජනපති සමාව ලබා දී නිදහස් කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 50කට අධික පිරිසක් ලිපියකට අත්සන් තබා තිබෙනවා.

අත්සන් සහිත එම ලිපිය ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ.අමාත්‍යවරු රැසක්ද ඊට අත්සන් තබා ඇති බව සදහන්. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම සදහා මෙම ලිපියට අත්සන් ලබා ගෙන ඇත්තේ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මූලිඛත්වයෙන්.

මේ සදහා සහය දක්වන විපක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසකගෙන්ද අත්සන් ලබා ගැනීමටයි අවධානය යොමුව ඇත්තේ.හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට මරන දඩුවම නියම වී සිටින්නේ 2011 වසරේ සිදු වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්.