රිෂාඞ් යළි රිමාන්ඞ්

Report
15Shares

පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඞ් බදියුදීන් මහතා ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක් අනුවයි. දෙහිවල එබනිසර් වීදියේ නිවාස සංකීර්ණයක රැදී සිටියදී මන්ත්‍රීවරයා රහස් පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය 19 වැනිදායි.

පසුගිය ජනාධිපතිවරණයදා පුත්තලම ප්‍රදේශයේ අවතැන්වූවන් පිරිසක් ඡන්දය භාවිත කිරීම සඳහා ලංගම බස් රථ යොදා ගෙන මන්නාරමට ප්‍රවාහන මගින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සහ මැතිවරණ නීති උල්ලංඝනය ඔහුට එරෙහි චෝදනායි.