තරුණ තරුණියන් 339 කට ස්ථිර පත්වීම්.

Report
 තරුණ තරුණියන් 339 කට ස්ථිර පත්වීම්.
34Shares

.

දිළිදු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල සිටින තරුණ තරුණියන් 339 දෙනෙකු ට ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා දිවුලපිටියේදී ඊයේ (26)පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණ.

මෙසේ පත්වීම් ලිපි ප්‍රදානය ඔවුන් ඉදිරියේදී ස්ථිර සේවයේ පිහිටුවීමට පියවර ගැණේ .පත්වීම් ලිපි ලද පවුල්වල අය දිළිදු බැවින් මුදවා ගැනීම හා ශ්‍රම බලකායේ නිපුණතා සහිත සමෘද්ධි මත් රටක් ගොඩ නෑගීමේ කාර්යයට ඵලදායි ලෙස දායක කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවද රාජ්‍ය ඇමතිවරයා මෙහිදී පැවසුවේය.

බහු කාර්ය සංවර්ධන, කාර්ය සංවර්ධන, කාර්ය සාධක බලකා දෙපාර්මේන්තුව මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.